නවතම වාර්තා අනුව සැර මද්‍යසාර පානයෙන් ලෝකයේ පළමු තැන ශ‍්‍රී ලංකාවට හිමිව ඇතැයි මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව 2015 වර්ෂයේදී මද්‍යසාර මිලදී ගැනීමට පමණක් ලාංකික ජනතාව රුපියල් කෝටි 11,000ක අධික මුදලක් වියදම් කර ඇතැයි පැවැසේ. එමෙන්ම 2015 වසරේ දුම්වැටි සඳහා ලාංකිකයන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි හාරසීය ඉක්මවන බව වෛද්‍යවරයා පැවැසීය.
2015 වසරේ පමණක් දුම්වැටි සහ මද්‍යසාර වෙනුවෙන් රුපියල් කෝටි දොළොස් දහසක් පමණ වියදම් කර තිබේ. ශ‍්‍රී ලාංකිකයන් වසරකට මත්පැන් ලීටර් පහළොවත් විස්සත් අතර ප‍්‍රමාණයක් පානය කරන බවට සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් කරන බවත්, වැඩිම ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කරන රටවල් දහය අතරට ශ‍්‍රී ලංකාව ඇතුළත් වී ඇති බවත් වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි මහතා පවසයි. පිරිමින්ගෙන් සියයට 35ක් මත්පැන් පානය කරන බවත්, ග‍්‍රාමීය හා නාගරික කාන්තාවන් අතර මද්‍යසාර පානය ඉහළ නැංවීමට විවිධ කූටෝපායන් ක‍්‍රියාත්මක වී තිබෙන බවත් වෛද්‍ය වරයා පෙන්වා දෙයි.
බද්දේගම - ඕ. කමලනාථ
0 comments:
Post a Comment